Kandos රස සිත්තම් අරමුදලෙන් සිසුන් 500කට වැඩි පිරිසකට පොත්පත්

62

නව පාසල් වාරය ආරම්භවීමත් සමග දරුවන්ට අත්‍යවශ්‍ය වන පොත් මිලදී ගැනීමට සැලකිය යුතු මුදලක් වැයකිරීමට සිදුව තිබීම මේ දිනවල මාපියන් මුහුණදෙන දැවැන්ත අභියෝගයක් වී ඇත- ලිපි ද්‍රව්‍ය වල මිල දෙතුන් ගුණයකින් ඉහළයෑමත් සමඟ ජීවිතය ගැටගසා ගැනීමට අත්‍යවශ්‍ය වන කෑම බීම වලට අධික මුදලක් වැයකරන මාපියන්ට, හෙට දවසේ තම දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා වූ පහසුකම් සපයාදීම ගැන දෙගිඩියාවෙන් පසුවන්නට සිදුවී ඇත.

2021 ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කැන්ඩොස් ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින් අඩුපහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දැයේ දුවා දරුවන් වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපෘතියක් දියත් කළේ එවන් පසුබිමකය.

දරුවන්ගේ මුවට සිනාවක් ගෙනදෙමින් “පාට නොවූ මල් කැකුළුවල ජීවිත පාට කරමු” යන තේමාවෙන් යුතුව කැන්ඩොස් රස සිත්තම් චිත්‍ර තරගය 2021 ලෝක ළමා දිනයට සමගාමීව ද දියත් විය.

Kandos රස සිත්තම් අරමුදලෙන් සිසුන් 500කට වැඩි පිරිසකට පොත්පත්

දැයේ දුවා දරුවන්ගේ සැඟවුණු නිර්මාණාත්මක හැකියාවන් පෙන්වාදෙමින් වයස අවුරුදු 12 ට අඩු දරුවන් වෙනුවෙන් පැවැත්වුණු රස සිත්තම් තරගයෙන් ජයග්‍රහණය ලැබූ සිතුවම් අලංකාර කැන්ඩොස් චොක්ලට් දවටන බවට පත්වූ අතර පුංචි මල් කැකුළු වල සැඟව පැවති දස්කම් මෙමගින් ලෝකයටම දැකගන්නට හැකි විය. මෙම චොක්ලට් අලෙවියෙන් ලැබූ ආදායමෙන් ගොඩනැගූ අරමුදල අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු උපකරණ ලබාදීමට දායක කරගනිය.

2022 ලෝක ළමා දිනයට සමගාමීව දියත් වූ කැන්ඩොස් රස සිත්තම් චොක්ලට් අලෙවියෙන් මෙවර උපයාගත් රුපියල් මිලියන 1-5 ක අරමුදලෙන් අධ්‍යාපනය ලබන 500 කට වැඩි දරුවන් පිරිසකට වසරකට අවශ්‍ය පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ ලබාදීමට කටයුතු කර ඇත. එම සද්කාර්යය පසුගියදා බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සංකේතාත්මකව තෝරාගත් පාසල් තුනක් වන කො/සද්ධර්මෝදය විද්‍යාලය, කො/මහාමාත්‍ය විදුහල හා කො/තන්නිනායගම් යන විදුහල් සඳහා පොත්පත් බෙදාදීම සනිටුහන් කෙරුණු අතර මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් . ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල, අධ්‍යක්ෂ අධ්‍යාපන (පාසල් කටයුතු) . පී.ඩබ්ලිව්. අමරදිවාකර මෙන්ම උපාලි සමූහ ව්‍යාපාරය වෙනුවෙන් මූල්‍ය අධ්‍යක්ෂ . ලහිරු ගුණසේකර, අලෙවි අධ්‍යක්ෂ . කරිෂ්මා වෙල්ගම, සාමාන්‍යාධිකාරී අලෙවි . ඉන්දික රණසිංහ, සන්නාම කළමනාකරු . විමුක්ති කෞෂල්‍ය යන මහත්ම මහත්මීන් මෙන්ම අරමුදල්ලාභී පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු දුවා දරුවන් එක්වී සිටියහ.

Kandos රස සිත්තම් අරමුදලෙන් සිසුන් 500කට වැඩි පිරිසකට පොත්පත්
advertistmentadvertistment
advertistmentadvertistment