ඉහළ – වත්කම් ඇති අය බදු ගෙවනවා ද සොයන වෙනමම අයෙක්

97

ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයින් බදු ගෙවන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ගැන සමීපව අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයින් සම්බන්ධ අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම අංශයක් ද මේ වනවිට පිහිටුවා ඇත.

ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය ලෙස එසේ නම් කර තිබේ. එම අංශයට අතිරේක නිලධාරීන් හා තාක්ෂණික පහසුකම් ලබාදී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

මෙම ක්‍රියාමාර්ගය මගින් ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම ආදායම සඳහා නිවැරදි බදු මුදල ගෙවා තම දායකත්වය ලබාදෙන්නේ ද යන්න තහවුරු කරගනු ලබන බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කියයි.

ඉහළ ධනවත් පුද්ගල අංශ විසින් ආරම්භයේ දී ඉහළ වත්කම් සහිත පුද්ගලයින් සීය (100) දෙනෙකුගේ කණ්ඩායමක් හඳුනාගෙන ඔවුන්ගේ ආදායම් වත්කම් හා බදු වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැන ගැඹුරු සමාලෝචනයක් කරන බව ද චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment