සිහිනයකි ආදරේ දින පනහයි

84
සිහිනයකි ආදරේ දින පනහයි

සුපර් සික්ස්, ප්‍රවේගය, මායා, වැනි මෙරට වාණිජ සිනමාවේ පෙරළියක් ඇති කළ නිර්මාණ ඔබ වෙත රැගෙන ආ රියල් ඉමේෂ් ක්‍රියේෂන්ස් වෙනුවෙන් ආර්. සදේශ් කුමාර් සමග ශීුමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කළ සරෝ ශන්මුගම් අධ්‍යක්ෂණය කළ ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය තිරගත වී අදට (08 වැනිදා) දින පනහ සපිරේ. පූජා උමාශංකර්, හේමාල් රණසිංහ,ශේෂාද්‍රි පිුයසාද්,උද්දික ප්‍රේමරත්න,ලකී ඩයස්,මහේන්ද්‍ර පෙරේරා,ශ්‍රියන්ත මෙන්ඩිස්,ජයන්ත අතපත්තු, තිසුරි යුවනිකා,කුමාර තිරිමාදුර,විනු සිරිවර්ධන,හේමන්ත ඊරියගම,සුනීතා විමලවීර,දමිතා අබේරත්න ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවල තවමත් අති සාර්ථකව මෙය ප්‍රදර්ශනය වේ. මෙම චිත්‍රපටයට ඇතුළත් කාසි සබන් පෙන ගීතයේ ප්‍රති නිර්මාණය සරිත් සුරිත් විසින් ගායනා කළ අතර එය මේ වන විට යූ ටියුබ් නැරඹුම් වාර ලක්ෂ 90 ඉක්මවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment