අර්බුදයෙන් මිදෙන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට යන්න: යුරෝපා සංගමයෙන් නිවේදනයක්

433

ශ‍්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ලකර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිවේදනය කර සිටියි.

යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල (ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව) සහ ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්ව එම නිවේදනය නිකුත් කර ඇත. එහි මෙසේද සඳහන්වේ.

සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකිය. එබැවින් සියලු පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස අපි දකින්නෙමු.

මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක වන අතර ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමුකර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව අපි අවධාරණය කර සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment