සියඹලාපිටිය අස්වෙයි පත්වෙයි ආයෙත් අස්වෙයි

154

නියෝජ්‍ය කථානායක ධුරයෙන් තමා යළිත් ඉල්ලා අස්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කටයුතු කිරීමත් සමඟ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූ ඒ මහතා යළිත් ඉකුත් 05 වැනිදා එම ධුරයට පත්විය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 148 ක් ඒ මහතාට හිමිවිය.

එලෙස නියෝජ්‍ය කථානායක ධුරයට දෙවැනි වරටත් පත් වූ ඒ මහතා පැය 24 ක් ගත වීමට පෙර යළිත් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment