වන් ගෝල්ෆේස් සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවතට

318

කොළඹ වන් ගෝල්ෆේස් ගොඩනැඟිල්ලේ ආපන ශාලාවක් තුළ සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවී ඇති නිලධාරීන්ට ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

වන් ගෝල්ෆේස් ගොඩනැඟිල්ලේ ආපන ශාලාවක් තුළදී හෙල්මටයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් තුවාල ලැබූ සුරාබදු නිලධාරීන් දෙදෙනකු සහ ආපන ශාලා සේවකයකු රෝහල්ගත කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලබාදීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment