නව ඉන්දීය මහ කොමසාරිස් මහ නාහිමිවරුන් බැහැදකියි

69

ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගියදා (18 දා) වැනිදා මහනුවර සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ඉපැරණි සම්බන්ධය සඳහා බුදු දහම කේන්ද්‍රීය වූ බව සඳහන් කළ අතර ද්විපාර්ශවික බොදු බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ගෙන ඇති විවිධ පියවර පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කළේය. ඉන්දීය රජයේ ආධාර යටතේ දිවයින පුරා විහාරස්ථාන කඩිනමින් සූර්ය බලයෙන් බලගැන්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව මහ කොමසාරිස්වරයා විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය.

නව ඉන්දීය මහ කොමසාරිස් මහ නාහිමිවරුන් බැහැදකියි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ද වැඳ පුදා ගත් සන්තෝෂ් ජා මහතා දෙරට ජනතාවගේ සෞභාග්‍යය සහ සුබසිද්ධිය සඳහා මෙන්ම ඔවුන් අතර වඩා ශක්තිමත් සහ ගැඹුරු සබඳතා සඳහා ප්‍රාර්ථනා කළේය. කතරගම දේවාලය වෙතද ඔහු සංචාරය කළේය. හන්තාන වතුයායේ සංචාරයක නිරත වූ මහ කොමසාරිස්තුමා එහි ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කළේය. ඉන්දීය රජය තෙවන අදියර යටතේ දැනටමත් නිවාස 50ක් එම වතුයායේ ඉදිකර ඇති අතර ඊළඟ අදියර යටතේ තවත් නිවාස රැසක් ඉදිවෙමින් පවතී. සමස්තයක් ලෙස ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියේ තෙවන සහ සිව්වන අදියර දෙක යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස 14,000ක් ඉදි කරනු ලබයි. මහ කොමසාරිස්වරයා මෙම වතුයායේ ආයුර්වේද කඳවුරක් ද විවෘත කළ අතර එහි අරමුණ වූයේ වතු කම්කරුවන්ගේ කායික සුබසිද්ධිය ඉහළ නැංවීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment