ශ්‍රී ලංකාවට නොපෙනෙන සූර්යග්‍රහණයක් සහ පෙනෙන චන්‍ද්‍රග්‍රහණයක් මේ මාසයේදී

100

මේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර, ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්‍ද්‍රගහණයක් ලෙස ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු මෙසේද කීවේය.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව වළයාකාර සූර්යග්‍රහණය ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදේශයෙන් ඔක්තෝබර් 14 වැනි දින රාත්‍රි 8.34 ට ආරම්භ වන අතර එය බ්‍රසීලය ආසන්නයේදී ඔක්තෝබර් 15 වැනි දින අලුයම 2.25 ට අවසන් වේ. මෙම වළයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවේ. එය දිස්වනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව, කොළොම්බියාව සහ බ්‍රසීලයේ කොටස්වලට ය. සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇතිවේ. ඒ අනුව දින 14 කට පසුව ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රි 11.32 සිට අර්ධ චන්‍ද්‍රග්‍රහණයක් ද සිදුවනු ඇත. එය ඔක්තෝබර් 28 වැනි දින පෙ. ව. 3.56 ට අවසන් වේ.

මෙම චන්‍ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පිසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට දැක ගත හැකිය. මෙම චන්‍ද්‍රග්‍රහණයේ අර්ධ අවස්ථාව ඔක්තෝබර් 29 වැනි දින අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර උපරිම ග්‍රහණය අලුයම 1.44 ට දිස්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment