අල්ලසට කෙළ හැලූ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

65

දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම සහ හෙට්ටිපොල ප්‍රදේශයේදී අල්ලස් සහ කප්පම් ගැනීමේ සිද්ධීන් සම්බන්ධව තලංගම මිරිහාන සහ හෙට්ටිපොල පොලිස් ස්ථානවල සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

හෙට්ටිපොල පොලිසියේ සේවය කර දොරටියාව පොලිසියට මාරුකර යැවූ උප පොලිස් පරීක්‍ෂකවරයාගේත්, තලංගම පොලිසියේ සේවය කරන සැරයන්වරයකුගේත්, මිරිහාන පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුගේත් සේවය මෙසේ තහනම් කර ඇත.

මීට අමතරව මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හෙට්ටිපොල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයා පසුගිය දෙසැම්බර් මාසයේ අගදී අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කාරයෙකුට නඩු පැවරීම නතර කිරීම සඳහා එම ජාවාරම්කරුගේ බිරිඳගෙන් රුපියල් හතළිස්දාහක අල්ලසක් ලබාගෙන ඇති බව පැවසෙයි.

මුලදී මොහු පනස්දාහක් ඉල්ලා ඇතත් ඔහුට ලැබී ඇත්තේ රුපියල් හතළිස්දාහක මුදලකි.

තලංගම පොලිස් වසමේදී වාහනයක ගමන් ගත් රියදුරෙකු සහ කාන්තාවන් බියවද්දා ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ බව කියන සැරයන්වරයා සහ තලංගම කොස්තාපල්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment