වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි ඉවසා ගත නොහැකිව දෙදරු පියා දිවිනසා ගනී

145

සිය වගාවන් රිළවුන්, දඬුලේනුන් ඇතුළු වන සතුන්ගෙන් විනාශවීමෙන් ආර්ථික තත්ත්වය පහත වැටීම නිසා සිත් තැවුලට පත්වූ දෙදරු පියකු ගෙලවැලලාගෙන මියගිය සිද්ධියක් කහවත්ත මූලික රෝහලේ 01 දා පැවැති මරණ පරීක්‍ෂණයකින් හෙළිවිය.

මෙසේ මියගිය මඩලකන්ද ප්‍රදේශයේ විසූ නිහාල් සමන්ත ගුරුබැවිල (55) යන අයගේ මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි දුන් ඔහුගේ බිරිඳ එම්. මල්ලිකා මාතරගේ (45) මහත්මිය මෙසේ කීවාය. අපගේ ඉඩමේ පොල්, ගම්මිරිස් වගාවට රිළවුන් ඇතුළු වන සතුන්ගෙන් හානි සිදුවූවා. පසුව රන් භාණ්ඩ උකසට තබා රුපියල් ලක්ෂ තුනක් පමණ වැයකර එළවළු වැව්වා. එයට ද හානි වුණා. මාසිකව මගේ අසනීපය වෙනුවෙන් බෙහෙත් ගැනීමට රුපියල් 20,000 ක් පමණ වැය වනවා. පාසල් යන දියණියගේ වියදම් දැරීමටත් ජීවත්වීමටත් වෙනත් අදායමක් නැහැ. මේ ගැන සැමියා මාස කිහිපයක සිට සිත්තැවුලෙන් පසුවුණා. ඉකුත් 01 දා මොහු වත්තේ පහළ තිබූ අඹ ගහේ එල්ලී මියගොස් සිටියා.

මෙම මරණ පරීක්‍ෂණය වැලිගෙපොල හදිසි මරණ පරීක්‍ෂක එස්. එම්. අයි. ඩී. මීගස්දෙනිය මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය කහවත්ත මූලික රෝහලේ වෛi නිලධාරි ඩබ්ලිව්. ඒ. ජනිත චානක මහතා විසින් සිදු කළේය. සාක්ෂි මෙහෙයවීම පො. සැ. (42762) රත්නායක මහතා විසින් සිදු කරන ලදී.

බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment