සතුන් වත්තේ නිල් ගව දෙනට නිවුන් බබාලා

317

ලෝකයේ වඳවෙමින් සිටින ඉතා දුර්ලභ ගණයේ සත්ත්ව විශේෂයක් වන ඉන්දියාවට ආවේණික වූ නිල් ගවයා නමින් හැඳින්වෙන නිල් ගව දෙනක් පසුගියදා දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ දී නිවුන් දරු උපතක් සිදු කළාය.

ක්‍ෂීරපායි සත්ත්ව විශේෂයක් වන මේ සතුන් ආහාර වශයෙන්, තණකොළ සහ කොස් කොළ ද පලතුරු ද ආහාරයට ගන්නා බව දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සහකාර අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අලුත උපන් සතුන් දෙදෙනා ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment