භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ලිහිල් කරයි

219

භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබූ ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙය ඊයේ (20දා) සිට ක්‍රියාත්මක වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“2311/8 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලෑලි නැත්නම් MDF බෝඩ් වර්ග ගෙන්වීම සඳහාත්, ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය CCTV කැමරා, විශේෂයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි අපි මීට පෙර නිදහස් නොකළ ක්‍රීඩා උපකරණ රැසකටත්, අපේ දරුවන් නිතරම භාවිතයට ගන්නා ටෙනිස් බෝල, බැඩ්මින්ටන් පිති වැනි භාණ්ඩ රැසකටත්, භාණ්ඩ 10කට අපි නැවතත් නිදහස් කිරීමක් හෙවත් ආනයන කිරීමට අවශ්‍ය අවසරය ලබාදුන්නා.

ඒ වගේම මේ නිදහස් කිරීම් හරි ආකාරව ක්‍රියාත්මක වෙනවද, ඒ ක්ෂේත්‍රයන්ට අදාළ පසුබිම ඒ තුළින් නිර්මාණය වෙනවද, ඔවුන්ට ඒ පහසුකම ලැබෙනවාද කියා බලන්නත් කටයුතු කරගෙන යනවා.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment