වෘත්තීය සමිති 40 ක විරෝධතාව ගැන සාකච්ඡාවක් හෙට

88

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට එරෙහිව නිර්පාක්‍ෂික වෘත්තීය සමිති 40 ක විරෝධතාව ගැන හෙට (07 දා) එහි නියෝජිතයන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝවිට මාර්තු 15ට පෙර වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට අදහස් කරගෙන ඇත.

මෙම වෘත්තීය අරගලය සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකමුතුව ලෙස එක්වී දේශපාලන වෘත්තීය සමිතිවලින් තොරව තීරණයක් ගන්නා බව විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය.

අසාධාරණ බදු ප්‍රතිපත්තියෙන් මේ වනවිට රාජ්‍ය වෘත්තිකයන්ගේ ජනවාරි, පෙබරවාරි වැටුප්වලින් බදු කපාගෙන ඇති බවත් මාර්තු මාසයේත් කැපීමට පෙර වෘත්තිකයන් යම් දැඩි තීරණයකට එළඹිය හැකි බවත් පැවසූ ඒ මහතා ඇතැම් විට වෘත්තීය සමිති නායකයන්ගේ පාලනයෙන් මිදී වෘත්තිකයන් වෘත්තීය අරගලයකට පවා පෙළඹිය හැකි බවත් කියා සිටියේය.

අයි. එම්. එෆ්. ණය ලැබෙන තෙක් සහනදිය නොහැකි බවට රජයේ පාර්ශ්වයන් ගෙන් අදහස් පළවුවත් වෘත්තිකයන්ගේ වැටුපෙන් අසාධාරණ ලෙස බදු කප්පාදුව සිදුවනතෙක් වෘත්තිකයන් බලා නොසිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment