රෝහිත බෝගොල්ලාගම බි්‍රතාන්‍යයේ මහකොමසාරිස් ධුරයට

118

හිටපු විදේශ ඇමැතිවරයකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

එල්ටීටීඊයට එරෙහි ඉකුත් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ කාලයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බෝගොල්ලාගම මහතා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඉතා මිත්‍රශීලී ලෙස කටයුතු කරමින් යහපත් වටපිටාවක් නිර්මාණය කිරීමට කැපවීමෙන් ක්‍රියා කළේය. මීට පෙර අවස්ථාවක චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගන්නා ලෙස ඔහුට රජයෙන් ආරාධනා ලැබී තිබුණද බෝගොල්ලාගම මහතා එම අවස්ථාව ප්‍රතික්‍ෂේප කර තිබිණි.

ලබන අගෝස්තු පළමුවැනිදා (01 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි රෝහිත බෝගොල්ලාගම මහතා බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්වීමට නියමිතය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment