මගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථාව මේක – රංගි

186

Kaushi ගේ මංගල දර්ශනයට මාලේ ගිය රංගි

සිඳූ” මැටි කඩුළු” බස් එකේ ඉස්කෝලේ වගේම” රාවණා ටෙලි නාට්‍ය තුළින් පසුගිය කාලයේ ඔබ හමුවට ආ ඇය නමින් රංගි රාජපක්‍ෂ. ඇයගේ රුව මේ දිනවල දකින්න ලැබෙන්නේ මාලදිවයිනේ සිනමාහල්වලදීය. මාලදිවයින සහ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්ත එකට යා කළ නවතම චිත්‍රපටයක් වන Kaushi සිනමා නිර්මාණය මේ දිනවල මාලදිවයිනේ සිනමාහල්වල තිරගත වෙනවා. Seaxen Ali ගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වුණු Kaushi හි මංගල දර්ශනයට ලංකාවෙන් ගිය එහි ප්‍රධාන නිළිය තමයි රංගි. ඉතිං ලංකාවට ආපු ගමන් ඒ අත්දැකීම ගැන මීවිත පාඨකයන්ට කියන්න ඇය අමතක කළේ නැහැ.

මගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථාව මේක - රංගි

රංගි කවදාද ලංකාවට ආවේ?

මම ලංකාවට ආවේ 20 වැනිදා රාත්‍රියේ. මේ සාකච්ඡාව පවත්වන්නට පෙර දවසේ.

මාලදිවයිනේ ගියා කියලයි ආරංචියි?

ඔව්. මාලදිවයිනට ගියා. මම විතරක් නෙමෙයි. මේ ගමනට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල කරුණානායකත් එකතු වුණා.

මොකටද මාලේ ගියේ?

මීට කාලයකට ඉහතදී ලංකාවේ ෂූට් කරපු චිත්‍රපටයක් තමයි Kaushi කියන්නේ. මෙහි අධ්‍යක්‍ෂවරයා මාලදිවයිනේ. ඔහු නිෂ්පාදකවරයෙකුත් වෙනවා. මේ චිත්‍රපටයේ සියලුම කාර්ය මණ්ඩලය මාලදිවයිනේ. නළු නිළියන් විතරයි ලංකාවේ. Seaxen Ali ගේ Kaushi කියන චිත්‍රපටය පසුගිය 19 වැනිදා ඉඳලා මාලදිවයිනේ ප්‍රදර්ශනය ආරම්භ කළා. මාලදිවයින් භාෂාවෙන් හඬ කවලා තමයි ඉතිං ඒ චිත්‍රපටය කළේ. ප්‍රධාන චරිත දෙක රඟපෑ මමයි අමිල අයියයි ලංකාවෙන් මංගල දර්ශනයට සහභාගි වුණා.

මගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථාව මේක - රංගි

රංගිගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයේ තිරගත වුණ පළමු අවස්ථාව?

ඔව්. මගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථාව මේක. ඇත්තටම හරිම සතුටුයි. අපි ගුවන් තොටුපොළෙන් බැස්ස වෙලාවේ ඉඳලා එයාල අපිට හරියට සැලකුවා.

කොහොමද ලැබුණ ප්‍රතිචාර?

හිතාගන්නවත් බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. අපි ලංකාවේ කලාකරුවෝ වෙලත් අපිට එහිදී හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා. මාලදිවයිනේ හැම තැන්වලම අපේ චිත්‍රපටයේ පෝස්ටර් ගහලා තිබුණා. මාලදිවයිනේ තාප්පවල අපේ පෝස්ටර් අලවලා තිබුණ දැක්කහම ඒ වෙලාවේ දැනුන සතුට නම් කියාගන්න බැරි තරම්.

මගේ චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථාව මේක - රංගි

මාලදිවයිනේ අධ්‍යක්‍ෂවරයෙක් සමග වැඩකරන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම ඒ කාලේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල රඟපාලා නැහැ. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. රංග කියලා මගේ මිත්‍රයෙක් එක්ක වෙළෙඳ දැන්වීමක් ඉවර කරලා යනකොට තමයි මේකේ ඔඩිෂන් එක තිබ්බේ. මම වාහනයෙන් බහින්නේ නැතිව හිටියම මගේ යාළුවා කිව්වා පොඩ්ඩක් ගිහිල්ලා බලලා එමු කියලා. අන්තිමේ මේ විදිහට තමයි ඉවර වුණේ

රංගිට ආදරය කරන ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට කවදද බලාගන්න හම්බවෙන්නේ?

මම හිතනවා සෑහෙන ඉක්මණට බලාගන්න හම්බවේවි කියලා. ඇත්තටම හරිම ලස්සන හොරර් ඵදඩසැ එකක්. අපි මේ දවස්වල සාකච්ඡා කරනවා ලංකාවේ තිරගත කරන වැඩකටයුතු සඳහා. මේ වසර අවසාන වෙන්න කලින් ලංකාවේ තිරගත වේවි කියලා හිතනවා.

Kaushi හින්දා ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුනා කියලා හිතුණාද?

අනිවාර්යයෙන් Kaushi නිසා වගේම” Seaxen Ali නිසා මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්‍ෂ්‍යයක් සිද්ධ වුණා. මොකද ඒ ලැබුණු අත්දැකීම්” ගුරු හරුකම් මට සෑහෙන වටිනවා.

මේ දිනවල මොනවද කරන්නේ?

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම දෙරණ නාලිකාවේ අම්මා වගේ ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. කදිර දිව්‍ය රාජ චිත්‍රපටය අගෝස්තු 03 වැනිදා තිරගත වෙනවා.

කදිර දිව්‍ය රාජ කියන්නේ මේ දිනවල කතාබහට ලක්වන සිනමා නිර්මාණයක්?

ඔව්. ඒකත් මම හරි ආසාවෙන් කරපු සිනමා නිර්මාණයක්. මම එහි විහාර මහා දේවියගේ චරිතය රඟපාන්නේ. මම හරිම ආසාවෙන් සහ හරිම ගෞරවයෙන් කරපු චරිතයක්. මට ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබීම ලොකු වාසනාවක්.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග වැඩකරන්න ලැබුණේ පළමු වතාවටද?

ඔව් පළමු වතාවට. ඒකත් මම ලබපු ලොකු ජයග්‍රහණයක්. මහාචාර්යතුමා කිව්වා අවශ්‍ය රූපය මගෙන් ලැබුණා කියලා.

රංගිට ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

ජනප්‍රියත්වය ඉතිං කාලෙකට තියෙනවා. කාලෙකට නැති වෙනවා. අපි ඉන්න විදිහට සහ අපිව බලාගෙන ඉන්න අයත් එක්ක අපි ගනුදෙනු කරන විදිහට තමයි මේ ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ. මම හරිම නිහතමානී විදිහට ආඩම්බර වෙනවා මම අද මේ ඉන්න තැනත් එක්ක. මම බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්.

කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා තියෙනවාද?

රංගන ක්‍ෂේත්‍රයේ විතරක් නෙමෙයි හැම ක්‍ෂේත්‍රයකදීම කැපිලි කෙටිලි කියන දේවල් හරි සාමාන්‍යයි. අපි අනෙක් අයත් එක්ක ගනුදෙනු කරන විදිහත් එක්ක ඒ දේවල්වල අඩු වැඩියක් තියෙනවා. මට නම් මතක හිටින තරම් කැපිලි කෙටිලි කියන දේවල්වලට මුහුණ දෙන්න වෙලා නැහැ. මොකද හැමෝමත් එක්ක කතා කරලා මගේ පාඩුවේ ඉන්න කෙනෙක් මම. ඔය දේවල් එච්චර ගණන් ගන්න කෙනෙක් නෙමෙයි.

දැන් අධ්‍යාපන කටයුතු අවසන් කළාද?

ඔව්. අධ්‍යාපන කටයුතු අවසන් කරලයි තියෙන්නේ.

මේ වෙනකොට ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

මම මේ වෙනකොට වෘත්තීය රංගන ශිල්පිනියක්.

  • රඟපෑමට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවාද?

සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද මම හිතනවා මගේ මොකක් හරි වාසනාවක් තිබෙනවා කියලා. මට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහේ වැඩ මට ලැබෙනවා. මම ඒ ටික කරගෙන ඉන්නවා.

  • මේ දවස්වල පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබෙන්නේ?

අම්මා වගේ ටෙලි නාට්‍ය හරහා මාව දැකබලා ගන්න පුළුවන්. මම රංගනයෙන් දායක වුණු චන්දෝලි” නොනිමි ටෙලි නාට්‍ය විකාශනය අවසන් වුණා.

  • චන්දෝලි හින්දා ගොඩක් මහන්සි වෙන්න වුණා කියන්නේ ඇත්තද?

ඔව්. චන්දෝලි රූගත කිරීම්වලදී අනතුරුවලට පවා මුහුණ දුන්න අවස්ථා තියෙනවා. චන්දෝලි ෂූටින් ලේසි නැහැ. ගොඩක් ලොකු කැලෑවල්වල ගස් ගල් උඩින් පැනගෙන යන” ගහ මරා ගත්ත ඒවා ෂූටින් කළේ. සහෝදර ශිල්පීන් එක්කත් අපිට හරියට ගහගන්න දේවල් පවා තිබුණා. ගොඩක් රූගත කිරීම්වලදී අපි උත්සාහ කරන්නේ ඇත්තටම කරන්න නේ. එතකොට ඒ තැන්වලදී විසිවෙලා වැටිලා තුවාල වෙච්ච ඒවා අනන්තවත් තිබෙනවා. සමහර වෙලාවට දවසක් දෙකක් ෂූටින් නොකර ඉන්න වුණ අවස්ථාත් තිබෙනවා. මාව එහි චරිතයකට තෝරාගැනීම පිළිබඳව තුෂාරි අබේසේකර අක්කට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.

  • වැඩිපුර කැමති සිනමාවටද ටෙලි නාට්‍යවලටද?

එහෙම කියන්න බැහැ. චිත්‍රපට කරන්න ගොඩක් කැමතියි. ටෙලි නාට්‍යවලටත් මම අකමැති නැහැ. ඇක්ට් කරනවා කියන්නේ ඔහේ මොනවා හරි දෙබස් ටිකක් කියන එක නෙමෙයි නේ. අපිට ඒ චරිතය එක්ක මොනවා හරි දෙයක් කරන්න තියෙද්දී ඒ චරිතය සුදු චරිතයක්? කළු චරිතයක්ද? කියන එක නෙමෙයි මට අදාළ වෙන්නේ. අපිට දේවල් කරන්න තියෙනවා නම් මම ඒ වගේ චරිත භාරගන්න හරි කැමතියි.

  • ඇත්තටම රංගි කියන්නේ මොන වගේ චරිතයක්ද?

රංගි කියන්නේ වෙනස්ම චරිතයක්. මට තරහකාරයෝ නැහැ. මාත් එක්ක තරහ අය ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. මම කාත් එක්කවත් තරහක් ඇති කරගෙන මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නෙමෙයි. මම හැමෝටම ආදරෙයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment