නාම යෝජනා දවල් 12 ට අවසන්: ඡන්ද දිනය අද කියයි

127

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම අද (21දා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි. නාම යෝජනා භාරගැනීම අවසන් වූ පසුව ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමට පැයක පමණ කාලයක් ලබාදෙන අතර ඉන්පසු විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 18 වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවලදී ආරම්භ විය.

මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නිදහස් ජනතා පෙරමුණ ඇතුළු පක්‍ෂ රැසක් ඊයේ දිනයේදී පළාත් පාලන ආයතන බොහෝ ප්‍රමාණයකට නාමයෝජනා පත්‍ර භාර දුන්හ.

ඡන්ද විමසීම සිදු කරන දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment