ජැක්සන් ඇන්තනි අද නික්ම යයි

420

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12 දා) සවස රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ.

ජැක්සන් ඇන්තනි අද නික්ම යයි

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවසට ඊයේ දිනයේ ද අව්වැසි නොතකා අතිවිශාල රසික ජනතාවක් අවසන් ගෞරව දක්වන්නට පැමිණියහ.

ඒ මහතාට අවසන් ගෞරව දක්වන්නට ඒ මහතාගේ සහෝදර කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම පූජක පක්‍ෂය ද ඊයේ දිනයේ පැමිණියහ.

දිවි රඟමඬලින් සමුගෙන යන ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාගේ විශිෂ්ට රංගන හැකියාවන් ප්‍රේක්‍ෂක සිත්සතන් තුලින් කිසිදා මැකී නොයනු ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
චිත්‍රය- දුෂාන් ගීතාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment