ඡන්දයක් තියා ගන්නවත් බැරිනම් රට කරපු උන් තවත් තියාගෙන වැඩක් තියෙනවාද?

88

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ඡන්දයක් තියන්නවත් නැති ගානට රට පත්කර ඇත්නම් තවදුරටත් මේ අය මේ රටේ පාලනයේ තැබීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විවිධ හේතු කියමින් ඡන්දය කල් දමන්නේ ජනතාව දිනවන ජාතික ජන බලවේගයට බියෙන් බවත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

කුලියාපිටිය නගර සභා ශාලාවේ පසුගිය (15)දා පැවති ජාතික ජන බලවේග ආසන බල මණ්ඩල රැස්වීමේදී එලෙස පැවසූ ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

අපි සහතික කරල කියන්නේ අපි පත්වෙලා පළමු රාජකාරිය විදිහට කරන්නෙ දූෂණ චෝදනාවලට ලක්වුණ අය සම්බන්ධයෙන් අපි ගාව තියන ෆයිල් හාරසිය ගානටම අදාළ දූෂණ වංචාකාරයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරවන එක. හොරු අල්ලනවාමයි. ඒ වගේම ගොඩක් අය චෝදනා කරනවා එහෙම ෆයිල් තියාගන ඉන්නෙ ඒවා උසාවි දාන්නකො කියලා. මේ පාලනය කරන මිනිස්සුන්ට විරුද්ධිව ඒ අයගෙ කාලයේම ඒවට පැමිණිලි දාලා නීතිය ක්‍රියාත්මක කරනවනවා කියන්නෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ ගේන්න තරුණ තරුණයින් බොහෝ දෙනෙක් කටයුතු කළා කිව්වා. ආවාහම අතින් වියදම් කරගන චිත්‍ර ඇන්දා. තරුණයො ගොවිතැනට බැස්සෙ නැති කාලෙක තරුණයින් පුරන් කුඹුරු අස්වැද්දුවා. ඒ අස්වද්දපු කුඹුරු පෝර ප්‍රශ්නෙ දාලා ගෝඨාභය යළි පුරන් කළා. අද තරුණ ප්‍රජාව ඉන්නෙ දැඩි අසහනයෙන්. ඒ අය සියලු දෙනාම ජාතික ජන බලවේගය සමගින් රොද බැඳගන ඉවරයි. අපි කොයිම වෙලාවකවත් කිව්වෙ නැහැ මේක අනුර සහෝදරයා කරනවා. මම කරනවා කියලා. ඒ නිසා අපි අදත් කියන්නෙ අනුර සහෝදරයාගෙ නායකත්වයෙන් අපි ඔබ එකතුවෙලා මේ රට ගොඩනගනවා කියලා. ඒකට ස්වෙච්ඡාවෙන් වැඩ කරන පිරිස ඉන්නෙ අපි වටා පමණයි.අන්න ඒ නිසා තමයි ඉතිහාසයේ කවදාවත් අපි පක්‍ෂයක් විදිහට ඉදිරිපත් නොවුණ සමූපාකාර ඡන්ද පවා තියන තියන බොහෝතැන්වලින් දිනන්නෙ. ජනතාව ඒ තරමට අපි හා එක්ව අවසන් යැයි පැවසීය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය පෙරටුකරගන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය, ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරිකයින් මෙන්ම කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment