මේ සතියේ පාර්ලිමේන්තුව අද පමණයි

302

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (17 දා)ට පමණක් සීමාකර තිබේ.

පවතින කොවිඞ් ව්‍යාප්තිය සහ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුටම කොවිඞ් ආසාදිත වීම මෙම තීරණයට හේතු වූ බව පක්‍ෂ නායකයෙක් ‘දිවයින’ට පැවැසීය.

අද සිට සිකුරාදා තෙක් පාර්ලිමේන්තු රැුස්වීම පැවැත්වීමට මීට පෙර පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් ඊයේ පෙරවරුවේ පැවැති පක්‍ෂ නායක විශේෂ රැුස්වීමේදී මෙම සතිය තුළ එක් දිනක් පමණක් රැුස්වීමට තීරණය කර ඇති අතර කොවිඞ් සම්බන්ධයෙන් විවාදයක් අද පැවැත්වෙයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment