ඥාති දියණියට අතවර කළ 21 බාප්පා මාට්ටු

116

09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි තම ඥාති දියණියට අතවර කළ ඇයගේ පියාගේ සහෝදරයකු (බාප්පා) වන 21 හැවිරිදි තරුණයකු ඉකුත් 10 වෙනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දහවෙනිදා දැරිය පාසලට පිටත්ව යවා දෙමව්පියන් ඔවුන් විසින් පවත්වාගෙන යන වෙළෙඳසැලට ගොස් තිබේ.

දැරිය දහවල් දෙකට පමණ පාසල නිමවී නිවසට පැමිණ සිය සොහොයුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී පැමිණ ඇති බාප්පා ඇය නිවස තුළට කැඳවාගෙන ගොස් අතවර කර ඇත.

දැරිය මේ බැව් මවට දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment