තලාවේ අභියාචනා භාර ගෙන නෑ

101

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිකම් පිළිබඳ අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර නොගන්නා බවට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි ජනතාව චෝදනා කළහ. මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ යුතු බවට නිලධාරීන් දැනුම් දුන් බවද ඔවූහු කියා සිටිති.

අදාළ අයදුම්පත් පවා මුදලට විකුණන බවත් 7 වසර දක්වාවත් පාසල් නොගිය තමන්ට ඒවා සම්පූර්ණ කිරීමට දැනුමක් නොමැති බවත් එම පිරිස් පවසති. සමෘද්ධිය හිමි වූ තමන් අස්වැසුම වැඩසටහන හරහා ඉවත්වී ඇති බවත් රජයේ රැකියා කරන පුද්ගලයන් පවා අස්වැසුමට තේරී ඇති බවත් ඔවූහු හඬා වැළපෙමින් පැවසූහ.
තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment