අයහපත් කාලගුණයෙන් මහනුවර අයෙක් මරුට පවුල් 58 ක 242 ක් පීඩාවට – දළදා මැඳුරේ පැරණි මාලිගාවේ බැම්මක් කඩා වැටේ

117

අධික සුළං හා වර්ෂාව ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයකු මරණයට පත්ව පවුල් 58ක පුද්ගලයන් 242 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11ක සාමාජිකයන් 53ක්ද, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 32ක්ද, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 23ක්ද කුණ්ඩසාලේ 39ක්ද පීඩාවට පත්ව සිටිති.

මහ වැසි හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුව නොමැති අතර නිවාස 66කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.

මේ අතර මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රජවාසල මාලිගාව ඉදිරිපිට පැවැති පැරණි තාප්පයට හානි සිදුවී ඇත. එම පැරණි තාප්පය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව වාරිමාර්ග හා පුරාවිiා බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී දළඳා මාලිගාවට ආසන්න පැරණි මාලිගාවේ බැම්ම අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් පැරණි මාලිගාවට යම් හානියක් විය හැකි බැවින් එය කඩිනමින් ඉදිකරන මෙන් පුරාවිiා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.
ලලන්ත වන්නිආරච්චි – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment