කොතලාවල රෝහලේ සේවා විධිමත් කරන්න ගිවිසුමක්

277

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම රෝහලේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම, රජයේ රෝහල්හි පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම, වෛද්‍ය පරීක්‍ෂණ හා අත්‍යවශ්‍ය රෝගී සත්කාර සේවා මෙම රෝහලෙන් ලබා ගැනීමට සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාව 675කි. සියලුම වෛද්‍ය පහසුකම්වලින් සමන්විතය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment