popular awards සම්මාන රාත්‍රියේ දී ජනප්‍රියම මාධ්‍යවේදියා චමුදිත

87

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී නිමාවු popular awards සම්මාන රාත්‍රියේ දී මෙරට ජනප්‍රියම මාධ්‍යවේදියා ලෙස චමුදිත සමරවික්‍රම මහතා සම්මානයට පාත්‍ර විය.

ඔහු මේ වනවිට හිරු TV ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර ඔහු truth with chamuditha’ නම් youtube නාලිකාවක් ද පවත්වාගෙන යයි.

කොළඹ මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් පාසලේ මාධ්‍ය කටයුතු සහ නිවේදන කටයුතු සිදු කළේය. පාසල් කාලයෙන් පසු TNL නාලිකාව ප්‍රථම රැකියාව ලෙස තෝරාගන්නා චමුදිත ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, ජනහඬ වැඩසටහන මෙහෙයවීම, සෝම හිමියන් සමග නැණ පහන වැඩසටහන මෙහෙයවීම මෙන්ම ASP පැදුරු පාටිය ඇතුළු රසාස්වාද ජනක වැඩසටහන් රැසක් ද ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව MAX TV ආයතනයේ දේශපාලන වැඩසටහන් මෙහෙයවූ චමුදිත ජාතික රූපවාහිනීයේ බාහිර නිවේදකයකු ලෙසත් දේශපාලන හා ව්‍යාපාරික වැඩසටහන් මෙහෙයවනු ලැබීය.

චමුදිත විසින් මෙරට දේශපාලඥයන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් සිදුකරනු ලබන වංචා,දූෂණ,අක්‍රමිකතා හෙළි කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති ඔහු ඒ සඳහා ඔහුගේ youtube නාලිකාවේ වැඩි ඉඩකඩක් ලබා දී තිබේ.

ඔහු විසින් සිදුකරගෙන යනු ලබන හෙළි කිරීම් හමුවේ ඇතැම් පාර්ශ්ව විසින් ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇතැම් පිරිස් ඔහුට විරුද්ධව සිදු කළ පැමිණිලි හමුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අවස්ථා ද කිහිපයක් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment