රයිගම් ටෙලීස් 2023 නිර්මාණ කැඳවයි

55

මෙරට ටෙලි සහ සිනමා සංස්කෘතියට නවමු අංග රැසක් එකතු කළ ජාතියේ ටෙලි සම්මාන උළෙල ලෙස හැඳින්වෙන ‘රයිගම් ටෙලීස් 2023’ 20 වැනි වරටත් 2024 වසරේ මාර්තු මස 30 වැනිදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර එහි නිර්දේශිත නාම සන්ධ්‍යාව මාර්තු මස 01 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව 2023 වසරේ අවසාන කොටස විකාශනය කළ දේශීය ටෙලිනාට්‍ය 2024 ජනවාරි මස 15 වැනිදාට පෙර මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. රයිගම් ටෙලීස් නිර්මාණ, රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය, අංක 23. වාලුකාරාම පාර, කොළඹ 03, FOX ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව, Lapro technologies , අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැඟිල්ල, කොළඹ 03 ලිපිනවලට භාරදිය හැකිය. මෙහිදී නිර්දේශවන සියලුම කලාකරුවන් සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිලිණ කිරීමට රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා තීරණය කර ඇත. මෙවර 20 වැනි සංවත්සරය අරඹයා විශේෂ සමරු තිලිණයක් ද පිරිනැමීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment