වෑන්රථ – යතුරුපැදි ගැටී සිසුවා මරුට

88

සිය මිතුරාගේ යතුරුපැදිය මවට පෙන්වා යළි එය මිතුරාට භාරදීමට නැවත යමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවකු කොට්ටාව හයිලෙවල් මාර්ගයේදී පෙරේදා (25දා) රාත්‍රී වෑන් රථයක හා කැබ් රථයක ගැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි කොට්ටාව, හේනවත්ත පදිංචිව සිටි සහන් දිමන්ත පෙරේරා නමැති සිසුවෙකි.

යතුරුපැදි තරග සඳහා විශේෂයෙන් සකසන ලද මෙම යතුරුපැදියට සමාන යතුරුපැදියක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිට ඇති මෙම සිසුවා කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ගමන් කරද්දී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට පැමිණි වෑන් රථයක් දකුණට එක්වරම හැරවීමේදී (යූටන්) යතුරුපැදිය එහි ගැටී ඇති අතර පසුව යතුරුපැදිය මාර්ගයේ පෙරළී යෑමෙන් පසු කැබ් රථයකද ගැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියැදුරා හා කැබ් රථ රියැදුරා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment