ආසනික් මට්ටම ඉහළයි : සැමන් වර්ග අටකට වැඩ වරදී

911

සැමන් නිෂ්පාදනයේදී යෙදිය යුතු ආසනික් සංයුතිය ඉක්මවා තිබූ සැමන් වර්ග අටක් ස`දහා අදාළ නීතිමය කටයුතු ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඊ.යූ. රන්ජන මහතා පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් සිදුකළ වැටලීම්වලදී භාරයට ගෙන ඇති සැමන් වර්ගවල ආසනික් මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බව අනාවර්ණය කර ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. මෙසේ අදාළ ආසනික් මට්ටම ඉහළ අගයක තිබී ඇත්තේ විදේශයෙන් මෙරටට ආනයනය කරන සැමන් වර්ග 6 ක් හා විදේශයෙන් මාළු ආනයනය කර මෙරටදී ටින් කර අසුරන ලද සැමන් වර්ග අටකට බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික් කාර්යාලය පවසයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment