ටයිටන් අවසන් තීන්දුව අද පස්වරු 4.30ට

1074


මුහුදු පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා යාත්‍රා කරමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයන් පස් දෙනෙකු රැගත් ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීම ඇමෙරිකානු වේලාවට අනුව අද පෙරවරු 7.00ට (ශ්‍රී ලංකාවේ වේලාව අනුව පස්වරු 4.30ට ) සිදුවන බව විදෙස් මාධ්‍ය පවසයි.ඉකුත් 18 වැනිදා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 8.00ට ශාන්ත ජෝන් සිට සැතපුම් 400ක් පමණ ගිණිකොන දෙසින් ගිලී ගියේය.එසේ ගිලී ගිය ටයිටන් සබ්මැරීනය පැය 1යි විනාඩි 45කට පසු ප්‍රධාන පාලක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳවැටී ඇත. මෙහි ගමන් ගත් පිරිස වන්නේ පකිස්ථානයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන ෂසාදා ඩාවුඩ්,ඔහුගේ පුත් 19 හැවිරිදි සුලේමාන් ,බ්‍රිතාන්‍ය ප්‍රකොටිපතියෙක් වන හමිෂ් හාඩින්,ඕෂන් ගේට් ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් සහ ප්‍රංශ ගවේෂක පෝල් හෙන්රි නර්ජෝලට් යන අය වෙති.සබ්මැරීනයෙන් ඝෝෂකාරී ශබ්ධ පිළිබඳ බලාපොරොත්තු තිබුණ ද තවමත් එය ඇති ස්ථානය හඳුනාගැනීමට නොහැකිවී ඇත.අඩි 12,500ක් දිය යට ගැඹුරට කිමිදිය හැකි යාත්‍රා කිහිපයක් ද අතුරුදන් සබ්මැරීනය සෙවීමේ කටයුතු වල නිරතව සිටී.සබ්මැරීනය ඇති තැන රොබෝ මගින් සොයාගත්ත ද එය මුහුද මතුපිටට ගැනීමට පැය කිහිපයක් ගතවනු ඇති බවද ඇමෙරිකානු වෙරලාරක්ෂක බලකාය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment