සියලුදෙනාට යහපත් ජීවිතයක් ලබාදීම අපේ ඉලක්කයයි – රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්

61

සියලුදෙනාට යහපත් ජීවිතයක් ලබාදීම අපේ ඉලක්කය යැයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසීය.

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක කරන වැඩසටහනේ ආරම්භක වැඩසටහන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර අමාත්‍යවරයා එහිදී මේ බව කියා සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මෙරට සාමාන්‍ය පවුල් ලක්‍ෂ 24ක් අස්වැසුම දීමනාව ලබන බවත් තවත් පිරිසක් ආබාධිත දීමනාව ලබන බවත් එම පිරිසට රැකියා අවස්ථාවක් නොලැබී ඇත්තේ ආබාධිත තත්ත්වය හේතුවෙන් නොවන බවත් ඔවුන්ගේ ආබාධිත තත්ත්වය තේරුම් ගෙන කුසලතා වර්ධනය කිරීම මගින් පුද්ගලයන් සංවර්ධනය කරන බවත් අවධාරණය කරන ලදී. සිංගප්පූරුව තුළ වෙසෙන ආබාධිත ප්‍රජාවගෙන් 33%ක් රජයට බරක් නොවී ස්වයං රැකියා හෝ රැකියා කරන බව පැවසීය. එසේම සවිබලගැන්වීමේදී ආබාධිත හෝ ආබාධිත නොවන පුද්ගලයන්ගේ කුසලතා හඳුනාගෙන සංවර්ධනය කිරීම රජයේ ඉලක්කය බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කොමිසම සමග සමගාමීව සිදුකරනු ලබන රජයේ ආයතන සඳහා ආබාධිත පුද්ගලයන් ඇතුළත්වීමේදී ලබාදී ඇති පහසුකම් පිළිබඳ විගණනය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ කර ඇති බව මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment