විදුලි බිල ගෙවන්න ක්‍රමවේද 7 ක්

78

නව තාක්‍ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් විදුලිබල මණ්ඩලය මේ වන විට හඳුන්වාදී ඇත.

ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම, මාර්ගගත බැංකු සේවා මගින්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල මගින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මගින්, කාගීල්ස් කීට්ස් ආදී සුපිරි වෙළෙඳ සැල් මගින් සහ mCash මගින් බිල්පත් ගෙවිම් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

විදුලි බිල්පත් පිළිබඳ ගැටලු ඇත්නම් ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන මෙන් හෙතෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment