අසේල චන්නට සොරි කියා නඩුව අවසන් කර ගනී

240

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා විවෘත අධිකරණය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාට කනගාටුව පළකිරීම නිසා අසේල සම්පත් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් අවසන් කර ගැනීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (05) අවසර ලබා දුන්නේය.

2021 වසරේ ජුලි මස කොළඹදී පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී එවකට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ තමා සම්බන්ධයෙන් කළ අසත්‍ය ප්‍රකාශයක් නිසා සිය කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් අසේල සම්පත් මහතාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නඩුව පවරා තිබිණි.

අසේල සම්පත් මහතා වෙනුවෙන් නීතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment