අවරට යන ටෙලිනාට්‍ය කලාවේ අලූත් බලාපොරොත්තුව ‘සකර්ම’

684

මේ දිනවල ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාශය වන ‘සකර්ම’ ටෙලිවෘතාන්තය, ටෙලිනාට්‍ය කලාව වෙනස් මඟකට යොමු කළ නිර්මාණයකි. ශාන්ති දිසානායක මහත්මියගේ පරඬැල් නවකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මෙහි රූපවාහිනී රචනය ලාල් වසන්ත කරුණාරත්නගේය. චන්දන ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කර ඇති සකර්මහි අධ්‍යක්ෂණය ප‍්‍රියන්ත ප‍්‍රනාන්දුගෙනි.

අවරට යන ටෙලිනාට්‍ය කලාවේ අලූත් බලාපොරොත්තුව ‘සකර්ම’

‘නවකතාව ටෙලිනාට්‍යකට හැරවීම අතිශය දුෂ්කර කාරණාවක්. එකම කතාව වුණත් නවකතාව හා ටෙලි පිටපත කියන්නෙ පැහැදිලිවම වෙනස් මාධ්‍ය දෙකක්. සකර්ම කියන්නෙ මුද්‍රිත මාධ්‍යයක් දෘශ්‍ය මාධ්‍යකට හරවන්න ගත් උත්සාහයේ සාර්ථක ප‍්‍රතිඵලයක්.’ බව අධ්‍යක්ෂකවරයා විසින් තම නිර්මාණය ගැන පවසා ඇත.

අතිශය දුෂ්කර ලෙස ජීවිතය ගෙවන ගැමි ජීවිතයේ කාරණාවන් අළලා නිර්මාණය වී ඇති මෙම නිර්මාණය තුළින් මානවීය බැඳීම්, ඔවුන්ගේ දේශපාලන ආර්ථික සමාජීය ආදී කාරණාවන් පුළුල් ලෙසින් විවරණය කරනු ලබයි. ගල්ගමුව, නවගත්තේගම වැනි ප‍්‍රදේශයන්හි රූපගත කර ඇති සකර්මහි චම්පා ශ‍්‍රියාණි, ප‍්‍රියංකර රත්නායක, උමාලි තිලකරත්න, සූර්යා දයාරුවන් ඇතුළු දක්ෂ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩ ගැන්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment