ජේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසූ මහ සිකුරාදා අද

107

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ඇණ ගසා මරණයට පත්කිරීමේ ඛේදජනක සිද්ධිය ලෝකවාසී කතෝලික හා කිතුනු ජනතාව මහත් ගෞරවයෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදට (29 දිනට) යෙදී ඇත.

දිවයින පුරා පිහිටි දෙව්මැඳුරුවලට සම්බන්ධ බැතිමත්හු පිලාත් විසින් ජේසුන් ක්‍රිස්තුන් වහන්සේට ලබාදුන් අනීතික නඩු තීන්දුවෙන් අනතුරුව කුරුසිය කරමත තබා කල්වාරි කඳු මුදුන දක්වා වධ හිංසා පමුණුවමින්, පීඩාවට පත්කරමින් රැගෙන ගිය ගමනේ විවිධ අවස්ථාවන් සිහිපත් කරන පාදනමස්කාර වන්දනාව අද (29දා) පවත්වති.

සවස් කාලයේ ක්‍රිස්තුන් වහන්සේගේ දුඃඛප්‍රාප්තිය සිහිපත් කරන තුන්පෑ ධ්‍යාන දිවයින පුරා පිහිටි දෙව්මැඳුරු සහ කල්වාරි සිද්ධස්ථාවවලදී පැවැත්වේ. පාස්ක නාට්‍ය, පසන් ගායනා ඇතුළු දුඃඛප්‍රාප්තිය සිහිපත් කරන විවිධ යාච්ඤා හා වන්දනාවන්ද පැවැත්වීමට නියමිතය.

නෝමන් පලිහවඩන හා ජෝශප් රන්මුතුගල – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment