ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ නේපාලයේදී තරගබිමට

138

නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ජාතික වොලිබෝල් කණ්ඩායම බලගැන්වීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත.

මැයි 22 වෙනිදා ආරම්භ වන මෙම තරගාවලිය දින 6 ක් පුරාවට ක්‍රියාත්මක වේ. බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මැයි 22 වෙනිදා උස්බෙකිස්තාන කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට මුහුණදීමට නියමිතයි. මැයි 23 වෙනිදා කසකස්තාන කණ්ඩායමට එරෙහිව තරගවදින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඉන් අනතුරුව මැයි 24 වෙනිදා මාලදිවයින කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ සත්කාරකත්වය දරන වත්මන් ශූරයන් වන නේපාල කණ්ඩායම මෙම තරගාවලිය තුළ ක්‍රීඩා කරන්නෙ ‘ඒ’ කාණ්ඩයෙනි. ඔවුන් තරග වදිනු ලබන්නේ කිරිගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියානු කණ්ඩායමට එරෙහිවය. අවසන් මහා තරගය මැයි 28 වෙනිදා පැවත්වෙනු ඇත.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment