ඩොලර් හිගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 1000ක් වරායේ හිරවෙලා

194

රටේ පවතින ඩොලර් හිඟය නිසා වරායෙන් නිදහස් කරගත නොහැකිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 1000 ක් පමණ සිරවී තිබෙන බව කොළඹ වරාය ආරංචි මාර්ග පවසයි. ඒ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මුදාහැර ඇති බව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසා තිබේ.

 කන්ටේනර් දහසක් සිරවී තිබීම සම්බන්ධයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන්නේ එයට හේතුව ඩොලර් හිඟය නොව වෙනත් කාරණයක් විය හැකි බවය. වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීමත් සමගම ඒවායේ මිල වේගයෙන් ඉහළ ගොස් ඇත. මේ අතර කිරිපිටි ආනයනය කරන මෙරට පිහිටි ප‍්‍රමුඛ සමාගමක් කියන පරිදි පිටරට පිහිටි මව් සමාගමෙන් කිරි පිටි ණයට ලබා ගැනීමට ඔවුන්ට හැකිය. එහෙත් එවැනි ශක්තියක් නැති සමාගම් බොහොමයක් අඩාල වී ඇතැයි දැනගන්නට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment