LankaPay Technnovation 2023 සම්මාන උළෙලේදී මහජන බැංකුව සම්මානයට පාත්‍ර වේ

77

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරමින් මහජන බැංකුව, පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උළෙලේදී මෙවරත් සම්මානයට පාත්‍ර විය.

මෙහිදි වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම (බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන – අන්තර්ජාල බැංකුකරණ) සඳහා වන රන් සම්මානය මහජන බැංකුවේ People’s Wave යෙදවුමට (the Most Popular Digital Payment Product (Banks and Non-Bank Financial Institutions – Internet Banking)’ සහ වසරේ විශිෂ්ටතම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සක්‍රිය කරන්නා – A කාණ්ඩය’ (Best Common ATM Enabler of the Year – Category A) වන රන් සම්මානය මහජන බැංකුවට හිමිවිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා – ‘ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උලෙළේදී මහජන බැංකුව යළිත් වරක් ඇගයීමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. මෙවර අපගේ කණ්ඩායමට රන් සම්මාන දෙකක් සහ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය -බැංකු ආයතන’ Excellence in Interbank Digital Payment – Banking
institutions) වෙනුවෙන් සමස්ත කුසලතා සම්මානයක් හිමිවුනා. මහජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ඩිජිටල් බැංකු පහසුකම් වැඩිදියුණු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා මෙවැනි ඇගයීම් විශාල උත්ප්‍රේරණයක් වනවා.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ‘මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ නිමැයුම් ගොනුව හරහා ගනුදෙනුකරුවන්ට අති නවින තාක්ෂණයෙන් යුත් බැංකුකරණ අත්දැකිම් සමීප කිරීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ ඩිජිටල් බැංකු නිමැයුම් භාවිතා කරන්නන් බස්නාහිර පළාතට පමණක් සීමා නොවී දිවයින පුරා විසිර සිටීම විශේෂත්වයක්. උදාහරණයක් ලෙස අප People’s Wave යෙදවුමේ ක්‍රියාකාරී පරිශීලකයින්ගෙන් 70%කට වඩා විසිර සිටින්නේ බස්නාහිර පළාතෙන් පිටතයි. රට තුළ මුල්‍ය අන්තර්ගතකරණය ඇතිකිරීම වෙනුවෙන් මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ නිමැයුම් ඔස්සේ ලබාදී ඇති දායකත්වය මේ තුළින් මනාව තහවුරු වනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment