බූස්ස බන්ධනාගාරයේ පොලිස් නිලධාරියාට ගල් ප්‍රහාරයක්

64

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රාජකාරි සඳහා යොදවා සිටි බන්ධනාගාර පොලිස් නිලධාරියකුට රැඳවියකු විසින් පෙරේදා (09දා) රාත්‍රි ගලකින් පහරදී තුවාල සිදුකර තිබේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර නියාමකවරයකු විසින් රැඳවියන්ට ඊයේ රාත්‍රි ආහාර ලබාදෙමින් සිටියදී මෙම රැඳවියා මෙම කෑම කන්න පුළුවන් දැයි බන්ධනාගාර නියාමකවරයාගෙන් විමසා ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරියා උඹට පුළුවන් නම් කාපන් යනුවෙන් පැවසූවිට රැඳවියා විසින් ගලකින් පහරදී ඇත.

ගල් පහර පොලිස් නිලධාරියාගේ නළලට වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය. බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment