ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වෙනවා… තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි

601

අපේ කණ්ඩායම අත්දැකීම් එකතු කරගෙන ඉදිරියට යද්දී ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වෙන බව තමාට විශ්වාස බව දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලැබූ සුවිශේෂී එක්දින තරගාවලි ජයග‍්‍රහණයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප‍්‍රකාශ කළේය.

කණ්ඩායමක් ලෙස ශ‍්‍රී ලංකා පිලේ සියලූ ක‍්‍රීඩකයන්ට සිය වගකීම් පිළිබඳ විශාල අවබෝධයක් ඇති බැවින් ශ‍්‍රී ලංකා පිලට දිගු ගමනක් යා හැකි බවද නායක දසුන් ශානක මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර සිටියේය.

ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක්  බවට පත්වෙනවා... තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි

ශ‍්‍රී ලංකා එක්දින හා විස්සයි 20 පිලේ නායකයා එහිදී මෙසේද අදහස් පළ කළේය.

හැම ක‍්‍රීඩකයාටම අවබෝධයක් තියෙනවා මොනවද කරන්න ඕන කියලා. ඒ වගේම කණ්ඩායමේ වාතාවරණය ඉහළ මට්ටමක තිබෙනවා. මම ඒක හදලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ කියලා නෑ. මම හැම හැමෝගෙම අදහස් ගන්නවා. ඒ වගේම මම දන්න දේත් බෙදා හදා ගන්නවා. කණ්ඩායමේ වටපිටාව තමයි වැදගත්. දක්ෂයෙක් නම් පාසලකින් හරි ගෙනල්ලා ක‍්‍රීඩා කරවන්න ඕනා.

ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක්  බවට පත්වෙනවා... තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි
තරගයේ වීරයා චමීර

අපි මහීෂ්ව ගෙනාවේ විස්සයි 20 තරගවලටයි. ඒත් තණතීරුව දඟ කැවෙන විදිහට මහීෂ්ව මේ තරගයට ක‍්‍රීඩා කරවන්න මම අවදානමක් ගත්තා. ඒකට මට තේරීම් කමිටුව, පුහුණු කාර්ය මණ්ඩලය ලොකු සහයක් දුන්නා. දකුණු අප‍්‍රිකා ක‍්‍රීඩකයන්ට මහීෂ් ගැන හරි අවබෝධයක් තිබුණේ නෑ. එයාගේ පන්දු අවබෝධ කරගන්න ලේසි නෑ. විවිධාකාරයේ පන්දු ඔහු සතුව තිබෙනවා. දසුන් ශානක එසේ කීවේය‘අපි සෙල්ලම් කළේ අඩකට වඩා අත්දැකීම් අඩු ක‍්‍රීඩකයන් පිරිසක් එක්ක. එක්දින තරග 50කට අපිට වඩා සෙල්ලම් කරලා තිබුණේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා විතරයි. අපේ කණ්ඩායම අත්දැකීම් එකතු කරගෙන ඉදිරියට යද්දී ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වෙන බව මට විශ්වාස යැයිද ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේය.

ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක්  බවට පත්වෙනවා... තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි
තරගාවලියේ වීරයා අසලංක

එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි20 කණ්ඩායමේ ද නායකත්වය දරන දසුන් ශානක මේ වනවිට එක්දින තරග 6කදී කණ්ඩායම මෙහෙයවා ඇති අතර, එහිදී ශ‍්‍රී ලංකා පිල තරග 3ක් ජය ගෙන තරග 3ක් පරාජයට පත්වී ඇත. විස්සයි20 තරග 6කට නායකත්වය දුන් දසුන් එහිදී තරග 5ක් ජයගැනීමට සමත්වී ඇති අතර, පරාජයට පත්වූයේ එක් තරගයකින් පමණි. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලැබූ මෙම එක්දින තරගාවලි ජයග‍්‍රහණය පිටුපස සිටි ප‍්‍රධාන සාධකයක් වූයේ අසලකංයි. අසලංකගේ අලංකාර ධෛර්යමත් පිතිහරඹයෙන් පෝෂණය වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම වසර එකහමාරකට පසුව එක්දින තරගාවලි ජයග‍්‍රහණයක් ලැබුවේය. ඊට කිත් පැසසුම් පමණක් නොව තරගාවලියේ වීරයා සම්මානය ද අසලංකට හිමි විය. එම තරග තුනේදී අර්ධ ශතක දෙකක් සමගින් අසලංක ලැබූ ලකුණු ගණන 196 කි. එහි ඉනිමක සාමාන්‍ය 65.33 ක් විය.

ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක්  බවට පත්වෙනවා... තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි

තරගාලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාවත්, දෙවැනි තරගය දකුණු අපි‍්‍රකාවත් ජය ගැනීමෙන් පසු 1-1ක් ලෙස සමව තිබුණු තරගාවලියේ අවසන් තරගයේ ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණයට මාවත විවර කර දුන්නේ දුෂ්මන්ත චමීරය.

ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක්  බවට පත්වෙනවා... තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පසු නායක දසුන් ශානක කියයි

අවසන් තරගයේ ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් භාගයට ලකුණු 29 කින් ජීවය දුන් චමීර දකුණු අපි‍්‍රකා ඉනිමේ ආරම්භය සුණු විසුණු කිරීමට දැරූ ප‍්‍රයත්නය ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි කර දුනි. රීසා හෙන්ඩි‍්‍රක්ස්ගේ කඩුල්ලේ පිට ඉන්න ගලවා දමමින් ඔහුව කී‍්‍රඩාගාරයට යැවූ චමීර රාසි වැන්ඩර් ඩුසේන්ව ද දවා ගත්තේ සිය පන්දුවාර 4 තුළ ලකුණු 16 ක් පමණක් ලබා දෙමිනි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment