මාරක ළිදේ ධාවකයා තවමත් ගිංගගේ

2453

ගාල්ල නාගොඩ මංසන්දියේ පැවැත්වෙන නිකිණි මේලා සැණකෙළියේ මාරක ළිදේ යතුරුපැදි ධාවනය කිරිම සදහා පැමිණි යතුරුපැදි ධාවකයා නාගොඩ පාළම මත සිට පිහිනිම සදහා ගිංගගට පැන ඇති අතර ගංගේ ජලපහරට හසුවි ඔහු අතුරුදහන් වි ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.

ධාරාණිපාත වාර්ෂාවත් සමග ගිංගගේ ජල මට්ටමද වැඩිවි ඇති අතර අතුරුදහන් වු යතුරුපැදි ධාවකයාගේ සිරුර අද (03) උදැසන වනවිටත් සොයා ගැනිමට නොහැකිවි ඇති බව පොලිසිය පවසයි. අයහපත් කාලගුණික තත්වයත් සමග ගංගාවේ ජලය බොරපැහැයට ලක්ව ඇති නිසා අතුරුදහන් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනිම නාවික හමුදාවට පවා අපහසුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉකුත් 31 වැනිදා මෙසේ අතුරුදහන් වි ඇත්තේ මිගමුව දළුකතේ ප්‍ර දේශයේ පදිංචි ඉන්දික පිරිස් නැමති (42) හැවරිදිවියේ පසුවන අයෙකි.

අතුරුදහන් වි ඇති පුද්ගලයාගේ සිරුර සේවිම සදහා පොලිසිය විසින් ප්‍ර දේශවාසින්ගේ සහයෝගය ඇතිව මොහයුමක් ආරම්භකොට ඇත. ඇද හැලෙන ධාරාණිපාත වාර්ෂාව ඒ සදහා දැඩි බාදාවක් වි ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment