කඳුකරයේ ජලාශ වැස්සෙන් පිරේ

2427


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවති.
මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භවන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දිය ඇලිවල ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.
අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment