ඇහැළේපොළ කුමාරිහාමි රුක්මණී දේවී ලෙස නැවත ඉපදුණා ද?

815

‘සුජාත දියණියන්’ ද ‘අභීත දියණියන්’ ද අද අපි රූපවාහිනිය තුළින් දකිමු. එහෙත් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අපේ ම අභීත දියණියන් අපට අමතක වී ඇතුවා සේය. එබැවින් අපි අන්තයට ගොස් බලමු.

ඒ 1814 මැයි මස 17 වැනිදා මහනුවරයි. රාජ්‍ය විරෝධී චෝදනාව ලත් ඇහැළේපොළ නිලමේතුමා අල්වාගත නොහැකිව කෝපයෙන් ද, මත්පැන් අධික ලෙස ගෙන මත් වීමෙන් ද වරද නිවර ද නොදුටු රජු විසින් ඒ උතුම් කාන්තාවට තමන්ගේම දරුවා වංගෙඩියක දා කොටන්නට නියම කරන ලදි. ඇය සිහිසුන්ව ඇද වැටුණාය. එහෙත් ඇයගේ දයාබර පුත් මද්දුම බණ්ඩාර වසර 7 යන්තම් ඉක්ම වූ කුමරු “අයියණ්ඩිය බිය නොවන්න” යැයි කියමින් වධකයාට සිය ගෙල පෑවේ ලාංකේය ඉතිහාසය රන් අකුරින් වර්ණවත් කරමිනි. උමතු රජුගේ නියමයෙන් ඇහැළේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරවන ලදි.

ඇහැළේපොළ කුමාරිහාමි රුක්මණී දේවී ලෙස නැවත ඉපදුණා ද?

මේ සියලු කරුණු එතුමියගේ ජන්ම පත්‍රයෙන් මනාව වටහා ගත හැකි වේ. එතුමියගේ ජන්ම පත්‍රය මෙසේය.

01 වගුව බලන්න

රාජ්‍ය වර්ෂ 1780 පෙබර. 3

පාන්දර 5.45

මුල නැකත

දෙවන පාදය

කේතු වර්ෂ 3 මාස 10

එතුමියගේ කේන්ද්‍රයේ මාරක ස්ථානයට අධිපති සඳු ලග්නයේ තැන්පත් වී තිබේ. වයස අවු. 29 දී එම සඳුගේම දශාව ලබා ඇත. වසර 1811 සැප්. 20 සිට සෙනසුරු ලග්න හා ජන්ම ඒරාෂ්ටක අපලය යෙදී තිබේ. එතැන් සිට බිහිසුණු ඛේදවාචකයක් වූ ජීවිතය එම ශනි දෙවැන්නට ඇතුළුවනවිට ම විනාශ විය.

කුමාරිහාමි, මරණයට පත් වූ මොහොතේ කුමන දෙයක් ප්‍රාර්ථනා කළේ දැයි අපි නොදනිමු. ඒ කෙසේ නමුත් එතුමිය මේ රටටත් බුද්ධ ධර්මයටත් ගරු කළ බව නම් නිසැකය. මේ අනුව එතුමියට පසුව 1923 දී එතුමියගේ කේන්ද්‍රයට බොහෝ සමානකම් ඇති කේන්ද්‍රයක් හිමි කාන්තා රත්නයක් අපට හමුවෙයි. ඇය සිංහලයේ ගීත කෝකිලාවිය වූ රුක්මණි දේවියයි. ඇයගේ කේන්ද්‍රය මෙන්න.

02 වගුව බලන්න

රාජ්‍ය වර්ෂ 1923 ජනවාරි 15

පාන්දර 5.45

මුල නැකත

දෙවැනි පාදය

ඇහැළේපොළ කුමාරිහාමිගේත් රුක්මණි දේවියගේත් උපන් වේලාවල් ද ලග්නය ද, නැකත ද නැකත් පාදය ද, රවි, චන්‍ද්‍ර, බුධ, කුජ, ගුරු යන ග්‍රහයින් ද එක සමාන ය.

රුක්මණි දේවියට තිබුණේ ලාලිත්‍යය මුසු වුවද, ශෝකී හඬක් නොවේද? එතුමිය ගායනා කළ සිරි බුද්ධගයා විහාරේ ගීතය (රූපසිංහ මාස්ටර් සමඟ) එදා මෙදා තුර ශ්‍රාවක සිත් සතන් ශ්‍රද්ධාවෙන් පුරවාලන්නට කරන බලෑම වෙනත් කිසිදු ගීතයකින් ඇතිවන්නේදැයි සැක සහිතය.

ඇහැළේපොළ කුමාරිහාමිට ද ගීත හෝ කාව්‍ය ගායනය පිළිබඳ කෙතරම් හැකියාවක් තිබුණේ දැයි දැන ගත නොහැකිය. වීරත්වය තුළින් පමණක් අප ඇය හඳුනාගන්නේ වංශකථාවලින් පමණක් බැවිනි.

ජ්‍යොතිෂය යනු පුනර්භවය හා පූර්ව කර්ම විපාක මත පදනම් වූ ශාස්ත්‍රයකි. හඳහන පූර්ව කර්ම පෙන්වන කැඩපතයි. හඳහන භාවිත කරමින් මේ ආත්මය, මතු ආත්ම තුනක් හා පසුගිය ආත්ම තුනක් ගැන විස්තර කරන අන්දම පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. ඇහැළේපොළ කුමාරිහාමි මියගොස් වසර කීපයකට පසුව රුක්මණි දේවිය ලෙස ඉපදුණේ දැන් නිශ්චිතවම කිව නොහැකි වුවද, බොහෝ සමානකම් දක්වන මෙම කේන්ද්‍ර දෙක ඒ පිළිබඳව විශ්වාසයක් ඇති කරයි.

ජාතියේ අනන්‍යතාවය ප්‍රකට කළ එවන් වීරයින් හා වීරවරියන් නැවත නැවතත් අප අතර ඉපදේවා යි අපි පතමු.

ඇහැළේපොළ කුමාරිහාමි රුක්මණී දේවී ලෙස නැවත ඉපදුණා ද?

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment