සාගර කාරියවසම් නැවතත් සැර වෙයි

702

සන්ධාන රජයක කැබිනට් අමතිධූරයන්  දරමින් ,විවිධ   වරප්‍රසාද ලබමින් ජනතාව ඉදිරියේ  බොරු වීරයින් වීමට කවුරුන් හෝ කොට්ඨාශයක් උත්සාහ දරනවා නම් ඔවුන්ට  විරුද්ධව දැඩි තීරණයක් ගන්නා  ලෙස ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටින බව  ශ්‍රීලංකා  පොදුජන  පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගර කාරියවසම් මහතා පැවසීය.

බත්තරමුල්ල  ,නෙළුම්  මාවත පක්ෂ කාර්යාලයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවේදී  පක්ෂ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.  

පසුගිය සිතියේ පැවැති කැබිනට්  මණ්ඩල රැස්වීමේදී රට වැසීමක් සිදුනොකළ යුතු බවට ඒකමතික තීරණයක්  ගෙන  එළියට පැමිණ  වහාම රට වසාදමන්නැයි කියා  රජයට  ලිපියක් භාරදීම  ඉතා අවාසනාවන්ත තත්වයක් බවත් ,මේවා කුමන ආකාරයකින් වෙනවාද , මෙහි  කුමන්ත්‍රණයක්  සිදුවන්නේද යන්න පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් , මෙවැනි දෑ සිදුවන පළමු අවස්ථාව මෙය  නොවන බවත් ,මෙවැනි තත්ත්වයන් මින් ඉිදිරියට ඇතිවීමට ඉඩක් නොතබන්න ලෙසද  ජනාධිපතිවරයා ගෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

මෙය  රජය දඩි ලෙස අපහසුතාවයට පත් කරන   වැරදි ක්‍රියාවක්  බවත්  සන්ධාන ගත රජයක සිටින පක්ෂ මීට වඩා වගකීමකින් කටයුතු කළයුතුබවත් , සාකච්ඡා කර සාමුහික තීරණයක එළබඹෙන්නේ නොමැතිව   ලිපියක් ලියා ජනාධිපතිවරයා  අතට පත්කිරීමට පෙර  මධ්‍ය වලට නිකුත් කිරීම ඉතා බැරූරැම් පහත් ක්‍රියාවක් ලෙස අප දකින බවත් පැවසූ පක්ෂ ලේකම්වරයා මෙවැනි තත්ත්වයක් ඇතිවීම රටේ යහපැවැත්මට  ,ආර්ථිකයට යන මේ සියලු දේට අහිතකර බවත් පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment