කාගිල්ස් බැංකුව ‘ජීවිතයක් බේරා ගන්න’ ලේ දන්දීමේ කඳවුර සමඟ ප්‍රජා ක්‍රියාකාරිත්වයට අත දෙයි

29

ප්‍රජා ක්‍රියාකාරිත්වය සඳහා කැපවීම ප්‍රබල ලෙස නිරූපණය කරමින් කාගිල්ස් බැංකු ක්‍රීඩා සමාජය විසින් පසුගියදා කාගිල්ස් බැංකු කාර්ය මණ්ඩලය සඳහා කැපී පෙනෙන ආයතනික සමාජ වගකීමකට මුල පුරමින් ලේ දන්දීමේ කඳවුර පැවැත්වීය.

‘ජීවිතයක් බේරා ගන්න – ලේ බිඳක් පරිත්‍යාග කරන්න’ යන තේමාව යටතේ, කාගිල්ස් බැංකු කාර්ය මණ්ඩලය අන් අයගේ ජීවිත කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරී පියවරක් ගනු ලැබීය. නොවැම්බර් 17 වන සිකුරාදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා පැවති මෙම අවස්ථාව සඳහා ලැබුණු ක්‍රියාකාරී, ස්වේඡා සහභාගීත්වය නිසාම එය අතිශයින් සාර්ථක ලෙස පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන මගින් ලේ පරිත්‍යාගයේ සරල නමුත් වැදගත් බව පෙන්වා දෙන ලද අතර, එක් ලේ පයින්ට් එකක් පමණක් පරිත්‍යාග කිරීමෙන් ජීවිත තුනක් දක්වා බේරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධාරණය කරන ලදී. ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා දායක වීම අරමුණු කරගත් මෙම සාමුහික ප්‍රයත්නය සමාජ වගකීම සඳහා වන කාගිල්ස් බැංකුවේ කැපවීම සමඟ මොනවට සමපාත විය.

advertistmentadvertistment
advertistmentadvertistment