දිය නෑමට ගිය දරුවෝ දෙදෙනා දියේ ගිලී මියයති

299

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ අඹකඩේ ප්‍රදේශයේ දී පොල්අතුමෝදර ගංගාවේ අතු ගංගාවක දිය නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනකු දියේ ගිලීමෙන් පෙරේදා (17දා) පස්වරුවේ මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දිමුතු රශ්මික (15) සහ කවිෂ්ක නෙත්සර (11) නැමැති දරුවන් දෙදෙනෙකි.

මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිය නාමින් සිටිනු දැක අනෙක් දරුවා ද ඟගට බැස ඇත. අනතුරුව දෙදෙනා ම දියේ ගිලී ඇතැයි පැවසේ.

පසුව මෙම දරුවන් ගොඩගෙන රෝහල්ගත කරනු ලැබ ඇතත් ඒ වනවිට දරුවන් දෙදෙනා ම මියගොස් සිට ඇත. මියගිය දරුවන් දෙදෙනාගේ මරණයන්ට අදාළ හදිසි මරණ පරීක්ෂණ ඊයේ (18 දා) පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment