පිරිමි දරුවකුට අතවර කළ චීවරධාරියාට අත්හිටවූ සිරදඬුවම්

155

මෙයර වසර හයකට පමණ පෙරදී 13 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් චීවරධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එක් චෝදනාවකට වසර පහකට අත්හිටවූ මාස හය බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (27 දා) නියම කළේය.

එකී චෝදනා තුනට රුපියල් 1000 බැගින් වූ දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්‍ෂ පහක වන්දියක් වෙන ලෙසට ද විත්තිකාර චීවරධාරියාට නියම කළේය. මේ අතර පෙරකී වරද සිදුකර වසරකට පමණ පසු තවත් බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පෙරකී චීවර ධාරියාටම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර පහකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් ද නියම කළේය. එකී වරදට රුපියල් දෙදහසක දඩයක්ද නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළේය. මෙයට වසර කිහිපයකට පෙර රට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් එකී චීවරධාරියාගේ මෙහෙයවීම යටතේ පවත්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment