අන්තරේට අධිකරණ නියෝගයක්

825

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වාත්, එතැන සිට බාලදක්ෂ මාවත දක්වාත් විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත.සමාජ මාධ්‍ය හා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරෝධතාවය සංවිධානය කර ඇති අතර, මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, දුමින්ද නාගමුව, ජොශප් ස්ටාලින්, ධම්මික මුනසිංහ, තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment