ණය ප්‍රශස්තකරණය සිදුකළේ ලොව පිළිගත් මූල්‍ය ආයතනවල උපදෙස් ලබාගෙන

99

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණය ගැන ගත් තීරණය නිසා බැංකු පද්ධතිය සහ තැන්පතුකරුවන් මිලියන 57 ක් ආරක්‍ෂා වන බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ණය ප්‍රශස්තකරණය තුළින් දේශීය ණයත්, විදේශීය ණයත් නැවතී ප්‍රශස්තකරණයට ලක් කිරීම කළේ ලසාඩ් වැනි ලොව පිළිගත් මූල්‍ය ආයතනවල උපදේශන ද ලබා ගෙන බව අබේවර්ධන මහතා පවසයි.

සැප්තැම්බර් අග වන විට අප රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට ක්‍රියා කරන බවට ජනාධිපතිවරයා දී ඇති ප්‍රතිඥාව නිසි ලෙසම ඉටුවන බව ඩොලර් මිලියන 700 ක මුදලක් ද ලෝක බැංකුව අපට ලබා දීමෙන් සහතික කර ඇතැයි පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (4 දා) පැවති මාධ්‍ය හමුවේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment