ඉන්ධන පෝලිමේ 20 වැනි මරණය ඉපලෝගමදී

25

ඉන්ධන ලබාගැනීමේ අරමුණින් කැකිරාව ඉපලෝගම අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමක රැඳීසිටි පුද්ගලයකු හදිසියේම සිහිසුන්වී ඇදවැටී පෙරේදා (16 දා) මියගොස් ඇතැයි රණජයපුර පොලිසිය පවසයි.

පෝලිම්වල හිඳ මියගිය 20 වැනි මරණය මෙය වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අවුකන, වලස්වැව පදිංචිව සිටි නන්දන ජයසුන්දර නමැති ත්‍රිරෝද රථ රියැදුරෙකි.

මොහු සිකුරාදා (15 දා) උදේ සිට පෙරේදා

(16 දා) උදේ දක්වා ඉන්ධන පෝලිමේ සිට ඇතැයි හෙළිවූ බව ඉපලෝගම පොලිසිය පවසයි.

සිය ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබාගැනීම සඳහා ත්‍රිරෝද රථයේ තෙල් ටැංකිය ගලවාගෙන යතුරුපැදියේ රැගෙන විත් ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment