වටරැකත් අමානුෂික ඝාතනයක්

172

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරැවෙකු සමග ජීවත්වූ කාන්තාවක් ඝාතනය කර පළායමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි.ඔවුන් එම කාන්තාවගේ ගෙල කපා ඇති බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිඳ බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය කීය.පෙදරේරුවා අද උදෑසන නිවසින් පිටව ගිය පසු ඝාතනය සිදුකළ සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාවට කතාකර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහරදී ඇති බව අනාවරණය වූ බව පොලිසිය කීය.මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment