පුංචි ඡන්දෙට ආ රාජ්‍ය සේවකයින්ට යළි රැකියා

131

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී ඇතැයි .පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවය.එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment